මේ සින්දුව ගායනා කරන්නෙ ඇස් නොපෙනෙන දෟශ්‍යාබාදිත අපේම රටේ ගායිකාවක් ඇය නමින් ජයලත් මේකලා ගමගේ ...මෙහි පද රචනය එස්.හේරත් මැණිකේ වන අතර හිතට දැනෙන අයුරින් ගීතයට සංගීතය මුසු කරල තියෙන්නෙ රුවන් වල්පොල විසිනි..රූප රචනය නලින්ද පේමරත්න විසින්ය.
ඔවුන්ට අපි වගේම සිතීමට හැකි හැගීම්, දැනීම දැනෙන මිනිසුන් ය.වෙනසකට ඇත්තේ ඔවුන්ගේ ඇති සියුම් වූ අඩුවකි.නමුත් ඒ ගැන නොසිතා ඔවුන්ගේ එම අඩු පාඩුව අපගේ විහිලුවක් වනවානම් එය අපට නුසුදුසුය....මන්ද අපි සම්පුර්න මිනිසෙකු බවට පත්ව ඇත්තේද?ඔවුන් අඩුපාඩුවක් සහිතවම ඉපදී ඇත්තේ ඇයිදැයි කියා ඔබ දන්නවාද?
එතරම් නොවේ ඔවුන්ගේ ඇති විවිද වු හැකියාවන් මේ සින්දුවෙන්ම පැහැදිලි වෙනවා නේද?
''අහන් ඉන්න........ අහගෙන ඉන්න
මගෙ හිත......... මොනවද මුමුනනවා
යාය පුරා නෙක නෙක පාටින් මුදු මල්පෙති ඇහඅරෙනවා
පොද වැස්සට සීතල ඇවිදින්....හිතට එබෙනවා
මුදුපාත මල්රේනු මගින් සුවද බෙදනවා
සලිසිලියේ හමන සුලග කොදුරන්නෙ අපටමයි
සතුට මික දුක මොකටද සෙනෙහස මහ මෙරයි
අමාවකේ දුක දුරලන දහසක් කරු කැට නුඔටමයි
ඒ එලියේ දැල්වෙන ලෝකය මගෙමයි මටමයි''
No comments:
Post a Comment