Showing posts with label ගීත විවරණ. Show all posts
Showing posts with label ගීත විවරණ. Show all posts

Saturday, June 9, 2012

හිදීවි කොතනක හෝ.....

                                හිදීවි කොතනක හෝ... හිමි කාරයා ඔබත් නුබේ නමින්
                                බදීවි කෙදිනක හෝ එය එනතුරා හිත කඩාගෙන ඉදියි..

                 සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මේ ගීතය ගොඩක් දෙනා අහල ඇති අහල නැති අය  ගීතය පහලින් දාල ඇති බලන්න ...ආදරය හා එහි හිමිකාරත්වය ගැන මෙයින් අපුරුවට ස්වභාවධර්මය උපමා කරගෙන ඉතා අලංකාරව මේ ගීතය ගොඩනැගිල තියනවා......වැඩි කතා නැතුව අපි බලමු අපේ ආදරෙ අපිට  ලැබෙන හැටි....

                         මේ ලෝකයේ ඕනිම කෙනෙක්ට ආදරය කියන දේ විදින්න කිසිම තහනමක් නෑ..නමුත් ඒක ලැබෙන්නෙ අපේ බාසාවෙන් කියනවනම් බබා කෙටුව විදියටයි....

අපි කැමති අයට සමහර විට අපිට ආදරේ  කරන්න බැරි වෙනවා..අපට කැමති අයට සමහර විටදි අපිට ආදරේ කරන්න බැරි වෙනවා....එහෙම උනා කියල දුක් වෙලා පසු තැවෙන්න ඕනි නෑනෙ...ඒ ගැනයි මේ ගීතයෙන් කියවේන්නෙ.......
                                       ගගකට සයුරක් මුන ගැසේවී..............................
                                       රලකට වෙරලක් ලග හිදී වී................................
                                       නියගෙව වැස්සක් ඇද හැලේ වී.........................
                                       නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......

මේ පද පේලිය ගැන එකතුව මෙහෙම ගන්න පුලුවන්....මුහුදෙ ඉන්නෙ එක මාලුවාද? කියන එකයි....


 ගගකට සයුරක් කොහේදී හරි මුන ගැසෙනවා.. රලක් එනකන් වෙරල මග බලන් ඉන්නව.....  ඒ වගේම නිගයක් අවසාන වෙන්නෙ වැස්සකින්....මේ වගේ තමා අපේ හිමිකරු හෝ හිමිකාරි ගගකට ඇවිල්ල නවතින්න තියන සයුරක් වගේ රලකට ඇවිල්ල වැදෙන්න තියන වෙරලක් වගේ අපිට අනිවර්යයෙන් මුන ගහෙනවා...ඉන් පසු අපේ නියගය ඉවර වෙනවා වැස්සකින්...ඒ නිසා  නුබටත් කෙනෙක් හිදීවී දවසක සොයාගනීවී.......


ඒ නමුත් කවදා කෙදිනක හෝ අපිට අයිති හිමිකාරයා හෝ හිමිකාරි අපට හමුවෙනවා....

ඒ ගැන අපිට දින සති ගනන් කියල අනාවැකි දෙන්න බෑ...මොකද ඒක වෙන්නෙ මෙහෙමයි කියල කියන්න බැරි නිසා...

                                       අකුලට පිපෙන නැවුම් මලක් සේ...........................
                                       නදියක නැගෙන තරංගයක් සේ.............................
                                       නලලට සිබින පවන් රොදක් සේ............................
                                       නොසිතුවිටක ලගා වේ නුබ විදි කදුල නිමා වේ........

මේ කිසිම දෙක් අපිට මේ වෙලාවෙ මෙහෙම වෙනවයි කියල කාටවත් කියන්න බෑ...මොකද ස්භාවධර්මයට අනුව ඒවා වෙන නිසා....

ඒ වගේම තමා අපිටත් අපේ හිමිකරු අපිට නොසිතුව විටක අපිට හිමිවනවා.....එතකන් ඉවසන්න ....ආදරේ ඉල්ලුවාම එය නොලැබුනයි කියා අඩ අඩා ඒ ගැන හිතල හිතල පසුතැවෙනවන් නැතුව වහබීල ගගේ මුහුදෙ පැනල ජීවිතේ නැත්කරගන්නෙ නැතුව මේ ගැන පොඩ්ඩක් හිතමු.......



                                             .........සුභ..........
                                 

Thursday, January 26, 2012

පෙරුම් පුරාගෙන ආ සංසාරයේ....

                                පෙරුම් පුරාගෙන ආ සංසාරයේ
                                පැතුමද සුනු විසුනුව වැටුනේ
                                කාටද රිදුනේ කවුරුද හැඩුවේ
                                දුමිරිය මොහොතක් නතර උනේ


මලක් වගේ රොන් සුවද වගේ
ජීවිතයේ සුව අපමන වේ
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ


                               වරක් නෙතග කදුලඅලි පිරුනාදෝ
                              හිතට දරාගනු බැරි දුක් වීදෝ 
                              දිවිය මොනතරම් සුන්දරදෝ
                              දුකම කොයිතරම් සතුටක් දෝ

  සේනානායක වෙරලිඅද්ද ගායනා කරන මේ සින්දුව හැමෝම වගේ අහල ඇති අහල නැති අය
මෙතනින් ගන්න අරගෙන අහල බලල මේ කතාව පොඩ්ඩක් කියවලා බලන්නකෝ සින්දුවෙන් කියන්නෙ මේකද කියලා...

Friday, January 20, 2012

<< කදු පාමුල සිට දැහැනෙට සම වැද >>



ටික කාලයක් ගියා බොලොග් එකට පෝස්ට් එකක්වත් දින්න බැරි උනා හැමදාමත් එක එක ඒවා දාපු එකේ අද හිතුනා වෙනස්ම එකක් දාන්න...මේකෙ ගෙඩතක් අඩුපාඩු ඇති.මොකද?මං සිංහල ඉගෙන ගත්තෙ o/l වලට විතරයි...ඒ නිසා වැරදි ඇත්නම් පෙන්න්න.....



                                                           කදු පාමුල සිට
                                                             දැහැනෙට සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ

Thursday, November 24, 2011

\\\\\\\\:)අහන් ඉන්න අහගෙන ඉන්න") //////////

අහන් ඉන්න අහගෙන ඉන්න මේ දිනවල අපිට ඇහෙන ගොඩක් ජනපිය සින්දුවක්...ඇත්තටම ඔයාල මේ සින්දුව රස විදල ඇති ඒක් මේ සින්දුවේ ඇති අරුත,රසය ඔයාලට දැනුනද? ...කිසිම අනුගහයකුට, මාර්කටින් feild එකේ ඉන්න ඕනම දෙයක් වෙනස්ව බලන ,දකින එයාලට මේ සින්දුව අහල තේරුමක් නැතැයි කියනවනම් අපි ගැන කිනම් කතාද?පොරක් වෙන්න හදනව නෙවෙයි දෙයක් අගේ කරන්න ඕනි ඒ නිසයි මේ post එක අහන් ඉන්න අහගෙන ඉන්න එකට වෙන් කලේ...