Friday, January 20, 2012

<< කදු පාමුල සිට දැහැනෙට සම වැද >>



ටික කාලයක් ගියා බොලොග් එකට පෝස්ට් එකක්වත් දින්න බැරි උනා හැමදාමත් එක එක ඒවා දාපු එකේ අද හිතුනා වෙනස්ම එකක් දාන්න...මේකෙ ගෙඩතක් අඩුපාඩු ඇති.මොකද?මං සිංහල ඉගෙන ගත්තෙ o/l වලට විතරයි...ඒ නිසා වැරදි ඇත්නම් පෙන්න්න.....



                                                           කදු පාමුල සිට
                                                             දැහැනෙට සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ



                              මිටියාවත් කදු ශිඛර සිසාරා
             සද බැස යන තුරු අවර වන පෙතේ
          ඔබ කියු රහසින් මං සැලුනේ නැත 
       ඔබ අන් සතු බව මම දැනසිටියෙමි
     
                                                         ඇල දොල ගංගා සයුර සිසාරා
                                                            ඉර නැගඑන විට යන පෙරබර අහසේ
                                                               ඔය නෙතු කැල්මෙන් මා සැලුනේ නැත
                                                                  ඔබ අන් සතු බව මම දැනසිටියෙමි

මේකයි කතාව...කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරේ කරල...ඒ දෙන්න ආදරේ කරම්න් ඉන්නකොට හදිස්සියේ ගෑනු ළමය කොල්ලගෙන් වෙන් වෙලා... යනවා..ඒ ගෑනු ළමයා අර කොල්ලට ආදරේ කරල තියෙන්නෙ තවත් ආදරයක් විදින ගමන්...

ඉතින් ඒ දෙන්නා ආලෙන් වෙලී ඉන්න කොට ගෑනු ලමය කොල්ලට ගොඩක් බාලාපොරොත්තු දීල තියනවා.ඒ බව මිටියාවත් කදු ශිඛර සිසාරා  සද බැස යන තුරු අවර වන පෙතේ පද වලින් පෙන්වා දෙනවා..උදේ ඉදන් හවස් වන තුරුම ඒ දෙන්න ආදරේ කරලා..හිතන්නකො ඒ පිරිමි ලමය කොච්චර හීන,බලාපොරොත්තු තියාගන්න ඇතිද? දකින්න ඇතිද?..


ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැගඑන විට යන පෙරබර අහසේ  ඇල දොල ගංගා තරම් විශාල පෙරබර අහසේ නැගඑන ඉර වගේ ලස්සන බලාපොරොත්තු..දීල පොරොන්දු දුන්නට ඒ පොරොන්කු දීපු කෙනාම ඒවා කඩල දාල ගිහින්....

  ඉතින් මේ සේරම බලාපොරොත්තු,ආදරය,හීන සුනු විසුනු වෙලා ගියපු කොල්ලට දැනෙන දුක..ඒ වගේම ඒ දුක දරාගෙන..තවත් ඒ චපල කෙල්ල ගැන නොසිතා හිත හදාගන්නා හැටි තමා මුලු පද ටිකේ තියෙන්නෙ


                                                        කදු පාමුල සිට
                                                             දැහඅනෙ සම වැද
                                                                 මා ගයනා ගී ඔබට
                                                                    ඇසෙනවද?
                                                                       කදුමුදුනේ සිට
                                                                          දිවැස් හෙලනු මැන
                                                                            ආල වඩන සද කිදුරු ලියේ

ඒ දෙන්නා අදරෙන් හිටපු කාලෙ සිදුඋන සේරම දේවල් මතක් කරමින් ඉන්නකොට ඒ ගෑන් ලමයගෙන් අහනවා මේ මං මේ දුක්වෙන මොහෙතෙදිවත් මාව මතක් වෙනව ද?කියල...මා ගයනා ගී ඔබට  ඇසෙනවද? කියප අර්ථ දක්වන්නෙ එයයි.....

චපල කෙල්ලෙක්ට ආදරේ කරල.,තනි උනාම දැනෙන දුක මේකෙන් හොදටම තේරෙනවා...දැනෙනවා...ඒ  ආත්මා ලියනගේ ඉතා විශිෂ්ට ගායනය තුලින් ...

ගීතය මෙතනින් ගන්න  කදුපාමුල සිට....











6 comments:

  1. සහතික ඇත්ත සහෝ..දිගටම ලියන්න..

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝදරයා....මගේ මීලග ගී විචාරය ලගදීම බලාපොරොත්තු වන්න.....

    ReplyDelete
  3. එල මචන් නියමයි දිගටම ලියපන් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

    ReplyDelete
  4. ආදරෙ කරන කෙල්ලා හදිසියෙ මැරුණ නම් කොහොමද දැනෙන දුක ?

    ReplyDelete