Thursday, November 24, 2011

\\\\\\\\:)අහන් ඉන්න අහගෙන ඉන්න") //////////

අහන් ඉන්න අහගෙන ඉන්න මේ දිනවල අපිට ඇහෙන ගොඩක් ජනපිය සින්දුවක්...ඇත්තටම ඔයාල මේ සින්දුව රස විදල ඇති ඒක් මේ සින්දුවේ ඇති අරුත,රසය ඔයාලට දැනුනද? ...කිසිම අනුගහයකුට, මාර්කටින් feild එකේ ඉන්න ඕනම දෙයක් වෙනස්ව බලන ,දකින එයාලට මේ සින්දුව අහල තේරුමක් නැතැයි කියනවනම් අපි ගැන කිනම් කතාද?පොරක් වෙන්න හදනව නෙවෙයි දෙයක් අගේ කරන්න ඕනි ඒ නිසයි මේ post එක අහන් ඉන්න අහගෙන ඉන්න එකට වෙන් කලේ...



 මේ සින්දුව ගායනා කරන්නෙ ඇස් නොපෙනෙන දෟශ්‍යාබාදිත අපේම රටේ ගායිකාවක් ඇය නමින් ජයලත් මේකලා ගමගේ ...මෙහි පද රචනය එස්.හේරත් මැණිකේ වන අතර හිතට දැනෙන අයුරින් ගීතයට සංගීතය මුසු කරල තියෙන්නෙ රුවන් වල්පොල විසිනි..රූප රචනය නලින්ද පේමරත්න විසින්ය.



      ඇස් කන් ඇට ලේ මස් ආදිය එකතු වෙලා මිනිසා නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වභාව ධර්මයට අනුවය.පොඩ්ඩක් හිතන්න එහෙම අංග සම්පුර්නව මේ ලෝකෙට ඉපදුනු මිනිස්සු හා ශරීරයේ කිසියම් අඩුපාඩුයක් සහිතයව ඉපදුනු ඒ සහෝදර සහෝදරියන් ගැන....සර්ව සම්පුර්න අපිට නොමැති ධෙර්යක් හා මහා විශාල අත්ම විශ්වාසයක් ඔවුන් තුල තියනවානේද කියල.....
               
ඔවුන්ට අපි වගේම සිතීමට හැකි හැගීම්, දැනීම දැනෙන මිනිසුන් ය.වෙනසකට ඇත්තේ ඔවුන්ගේ ඇති සියුම් වූ අඩුවකි.නමුත් ඒ ගැන නොසිතා ඔවුන්ගේ එම අඩු පාඩුව අපගේ විහිලුවක් වනවානම් එය අපට නුසුදුසුය....මන්ද අපි සම්පුර්න මිනිසෙකු බවට පත්ව ඇත්තේද?ඔවුන් අඩුපාඩුවක් සහිතවම ඉපදී ඇත්තේ ඇයිදැයි කියා ඔබ දන්නවාද?


එසේමනම්...... ඔබ හෝ මම මෙවැනි ලෙස අඩුපාඩු ඇත්තෙකු ලෙස ඉපදුනොත් අපද අපිවැනිම පුදුගලයන්ගේ විහිලුවකට ලක්වෙනවා නේද?..'''සමාජයේ අපිට වඩා උසස් තැනක් ඔවුන්ට හිමිවිය යුතුය.මන්ද යත්  ඔවුන් තුල ඇත්තේ ඉතා අහිංසක බලාපොරොත්තුය.එම අහිංසක බලාපොරොත්තු වලට අපි ඉඩක් ලබාදීය යුතුය.ඔවුන්ටද ආදරය.මනුශත්වය,බැදීම්,බලාපොරොත්තු,ආදිය ඒ සියලුම  වලංගුය.... '''ඔවුන්ගේ ඇති හැකියාවන් එමටය.ඔවුන්ගේ හැකියාවන් පෙන්වීමට ඉඩක් ලබාදිය යුතුය.අපි ඔවුන්ට ඇහුමුකන් දෙමු එම නිසා අහන් ඉන්න අහගෙන ඉන්න,ඇය ගේ මෙම ගීතයට අප සවන් දෙමු,සිතමු ඔවුන් ද අපි වැනිම මනුෂ්‍යෙයෝය....
                                      
                එතරම් නොවේ ඔවුන්ගේ ඇති විවිද වු හැකියාවන් මේ සින්දුවෙන්ම පැහැදිලි වෙනවා නේද?


                                           ''අහන් ඉන්න........ අහගෙන ඉන්න
                                           මගෙ හිත......... මොනවද මුමුනනවා
                                           යාය පුරා නෙක නෙක පාටින් මුදු මල්පෙති ඇහඅරෙනවා
                                           පොද වැස්සට සීතල ඇවිදින්....හිතට එබෙනවා
                                           මුදුපාත මල්රේනු මගින් සුවද බෙදනවා
                                           සලිසිලියේ හමන සුලග කොදුරන්නෙ අපටමයි
                                           සතුට මික දුක මොකටද සෙනෙහස මහ මෙරයි
                                           අමාවකේ දුක දුරලන දහසක් කරු කැට නුඔටමයි
                                           ඒ එලියේ දැල්වෙන ලෝකය මගෙමයි මටමයි''



No comments:

Post a Comment