Saturday, November 5, 2011

☻☺සිනහ සාගරය☺☻03

හම් ගිය සතිය පුරාම වැස්ස නිසා  මෙලෝම වැඩක් කරගන්න බැරි උනානෙ..ඒ නිසා මම දවසම මැච් එක බැලුවා....

දුකයි අනේ...1996 ලෝක කුසලානෙ ගත්තේ අපිද කියල හිතුන... තව මැච් තියන නිසා හිත හදාගෙන ඉන්න කොට හිතුන හොද ඇඩ් ටිකක් බලන්න ඕනි කියල කැරකෙව්වා ඇන්ටනාව සූරිය කන්ද දිහාවට පවුලේ නාලිකාව බලන්න...මම දන්න විදියට වැඩ්පුරම ඇඩ් යන්නෙ ඒකෙනෙ...



 මෙන්න බොලේ එකපාරටම කාටද මන්ද බැනගෙන බැනගෙන යනවා..අප්පේ හරිම නින්දිතයි..එකම මිනිහෙක්ට මේතරම් බනිනව මං මේ ඇහුවමයි..ටිකක් වෙලා යනකොට කේරුනා කාටද මේ හුනියම් කරන්නෙ කියල..මේ කට්ට්යගෙ එකම සුරතලා වෙච්චි නායක තුමෙක්ටනෙ.......

ශා.... මරු සින්දුවක් එක්ක මෙන්න ඇඩ් කතාව පටාන් ගන්නවා..මෙන්න යකෝ ගෙදර සේරම කස්ටිය ඒ සින්දුව ඇහෙනකොටම දුවගෙන ආපි...මට සතුටේ බෑ...ගෙදර මේ මේ අය ඉන්නවයි කියල හරියටම දැන ගත්තෙ අද තමයි...ඇයි අවුරැද්දටම එක පාරයිනෙ කස්ටිය සෙට් වෙන්නෙ....කිරි බත් කටක් කාල තමා අදුරගන්නෙ  මේ අහවලා මේ අහවලා කියල....ඒ තරම් අපි බිසී පොරවල්නෙ..වැස්සකට විතරයි අපිට නිදහසේ ඉන්න පුලුවන් වෙන්නෙ...

සීයල,තාත්තල,අම්මල,අක්කල,මල්ලිල,සමග මමත් බලන්න ගත්තා මලා.....අනේ ඒක තමා නමේ හැටියට තියන එකම කතාව,අනික් ඒවායෙ පුරදානෙ චරිතෙ නෙවෙයිනෙ අන්තිමට ලොකු වෙන්නෙ..මම එක ඇඩ් එකක් බැලුවා ඒකෙ නම පබී කතාවෙ මුල පබී හිටිය,අන්තිම වෙනකොට පබී නෑ..ඒකි ලොවෙත් නෑ...

 ඔන්න මලා පටාන් ගත්තා...අනේ ලස්සන කෙල්ලො දෙන්නෙක් හිටිය කියහල්ලකො..මට නිකන් මාන්දමට වගේ ආවනෙ.. ඉර උදාව මහ රැට හැදෙන්නත් වගේ ආවනේ...මං ටක් ගාල සීය ගෙ අතේ එල්ලුනා..යකෝ මට වඩා හපන් මිනිහා..සෙවල පෙරාගෙන,දිව දොට්ට දාගෙන..ඇස් දෙක අතට අරගෙන අර ඉටිරුප දෙක දිහා බලාගෙන..චික් විතරක් මෙහෙමත් නාකි කියල මම හිත හදාගෙන ඇඩ් එක බලන්න ගත්තා......

අනේ අර අගේට හිටපු ගැනු ලමයින්ගෙන් පුරදානෙ චරිතෙ තමා මලා කියල කියන්නෙ අනිත් එක්කෙනා එයාගෙ නංගි කියන්නෙ....

බෑ අනේ කියන්න හරිම සෝක් අනේ..ඒ මලා නංගි කතා කරනව ද?අඩනව ද? උඩුබුරනව ද? කියල මට තේරුනේ නෑ.... මලා ම තමයි...මල ගෙයක්මයි...

 මෙන්න එක පාරටම..එයා හා පැටියෙකුත් බදාගෙන සින්දුවක් කියනව දෙයියො..අනේ අහිංසක හාව ඉන්න බැරුවට ඉන්නව අනේ අතේ..ඌ ගැන මට දුකේ බෑ ඕයි.... හා බාසාවෙන් කියනව ඇති මේකිගෙ කට වහපාන් කියල.....

අඩනවා අඩනවා අඩනවා අඩනවා  ඉවරයක් නෑ කියහන්කො.... මෙතන තව ටිකක් හිටියොත් මට ඇඩ් බැලීම එපා වෙන නිසා මං මලා ට ඇහඅක් ගහල එතනින් වාෂ්ප උනා....

ඇයි දෙයියනේ මෙහෙම නංගිල  මේවගේ අවමගුල් වලට එන්නෙ කියල මටත් කෑ ගහල අඩන්න ආසයි.ඒත් එහෙම හොද නැති නිසා..අනිත් අයට එයා අඩනව බලන් ඉන්න ඉඩ දීල මම ඇඩ් බැලීම නතර කරල...ඇඩ් බලල කෙලිසාලා දූෂනය උන මගෙ හිත හදාගන්න ඇදට ගියා.................

No comments:

Post a Comment