Saturday, February 11, 2012

සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....

                                       " සුලගේ ලෙලෙනා මල් සේ දග පා.....
                                        අප පාසල් ගිය කාලයේ.....
                                        යාලුවො අද නැත වෙන අය එහි ඇත ....
                                        කාලය මැවු වෙනසක අරුමේ....."

හම් ලස්සන සිංදුවක් ඇහුන ඇත්තටම ලස්සන සිංදුවක් පාසල් කාලය ගැන කියපු ලස්සන සිංදුවක් නිසා පාසල් කාලෙ ආයිමත් මතක් උනා හම් ඇත්තම කියවනවනම් අවුරුදු 13 ක් තිස්සෙ ගත්ත අත්දැකීම් නම් මැරෙන මොහොත වෙනකම් ම මතක් වෙනව ඉතිං හිතුන මගෙ පාසල් කාලෙ ගැන ලියන්න...




මුලින්න මගෙ පාසල තමා මරදානෙ ********..ජීවිතේ මෙතෙක් වැඩිපුරම හිටපු තැනක් තමා  මගෙ ස්කෝලෙ ඉතිං මම ඉන්නෙ පාදුක්කෙ පාදුක්කෙ ඉදන් මරදානට යනවයි කියන්නෙ 1,2,3 වසර වලදිනම් මරනව වගේ වැඩක්.ඒත් පස්සෙ පස්සෙ ස්කෝලෙ නිවාඩු දවස්වලත් ඉස්කෝලෙ යනවයි කියල දවසම රවුම් ගහපු කාලයකුත් තිබුනනෙ......

පාදුක්කෙ ඉදන් මරදානට යන්න ඉතින් එක්කො කෝච්චියෙ නැත්නම් බස් එකේ..... ඉතිං මගේ පරදාන ගමන් රථ උනේ කොච්චියයි,බස් එකයි තමා...මං වැඩි හරියක්ම ගියේ කෝච්චියේ ඒක මිස් උනොක් බස් එකේ ඔහොම තමයි ගලප ගත්තෙ.........

පාදුක්කෙ ඉදන් මරදානට යනකොට පැය 1.45 වගේ නව ඒ අතර තුර මට එලම කිරි යාලුවො ටිකක්නම් සෙට් උනා.ආනන්දෙ,නුගේගොඩ ජෝන් එකේ,ලුම්බිනියෙ,ධර්මපාලෙ,නාලන්දෙ,වේලුවනේ,ගෝතමී,අනන්දබාලිකා,...එකීනොකී පාදුක්කෙ ඉදන් මරදානට යනකම්ම ඉස්කෝල වල කස්ටියනම් සෙට් උනා....මාරම යාලුවො ටිකක්..

උදේ පාදුක්කෙන් 5.45 කෝච්චියේ නැගල  මරදානට යනකම්ම ආයි පිස්සුම තමා  foot board එකේ ඉදන් පාරෙ යන අයට එක එක කිය කියා කෙල්ලොන්ව වට කරගෙන තරගෙට පච හල හල මරදානට එනවා....ඊට පස්සෙ ස්ටේසන් එකෙන් බැහැල මුන හෝදල මේකප් එහෙම දාගෙන කරගෙන අනිත් එවුන් එනකන් බලන් ඉන්නව කස්ටියත් එක්ක..වේයන්ගොඩ,ගම්පහ,කැලණියෙ ඉදන් එන අපි වගේම පිස්සො කස්ටිය එනකන් ඉදල උනුත් දක්කගෙන යනව උදේ කෑම එක ගන්න......කවුරැත් දන්න මරදානෙ ධවලගිරියට

රු 35 පරාට 2ක් කාල වතුර කෝප්ප 2ක් ඇදල දැම්මාම  ආයි දවසටම ඇති...ඔය අතරෙන් එකෙක් කිව්වෝත් අද ස්කෝලෙ යන්න බෑ කිවල ආයිත් ලොවෙත් නැති මාරම කික් එකක් නෙ එන්නෙ..වචනෙ කිව්ව පමනින් සභා සම්මතයි...ඒ කියන්නෙ එදාට ස්කුල් කට්....කොහොම හරි යලදි 100 ට 80 බලනකොට මට තිබුනෙ 100% 45 යි..ඒ තරම් සකුල් කට්.................

ස්කුල් කට් කරල අපි කලේම එක්කො ගෑරැන්පාස් හරි පොට්ලක් එකට ගිහිල්ල හරි pool ගහන්න පුදුම pool අමාරුවක් තමා තිබුනෙ, එහෙම නැත්නම් කාගෙ හරි ගෙදරකට රිංගල ජරාව ටිකක් ගහනව,එහෙම නැත්නම් widepark එතට ගිහින් ඔට්ටුවට මැච් ගහනව,කරන්න දෙයක් නැත්න ම කරන්නෙ කෞතුකාගරෙට රිංගන එක,ඒකෙ රෙජිස්ටරයක් තියනවනම් ඒකට වැඩියෙන්ම ආපු ගියපු අතර අපිත් ඇති.එහෙමත් නැත්නම් පිටකොටුව පුරාම ඇවිදිනව නැත්නම් කස්ටියත් සෙට් කරගෙන අවිස්සාවේල්ලෙ යනව කෝච්චියෙ යනව කෑලි ටෝක් කරන්න...තව කරපු ඒව ලිව්වොත් ගෙදරිනුත් යන්න වෙයි...

මෙහෙම ගියපු පාසල් ජීවිතේ සුපිරියි,...අපි මොන බලු වැඩේකලත් අවුරුදු 13 ක් එකපාරත්වත් කාටවත් මාට්ටු කරගත්තෙනම් නෑ.ස්කුල් කිට් එක දාගෙන නොකරපු දෙයක් නෑ..නොගියප් දිහාවක් නෑ........

බොරැල්ලෙ,මරදානෙ පන්සල් වත්තෙ පෙට්ටි කඩ වලට ගිහින් සිගා පාරවල්දාල, interval එකට ඉස්කෝලෙන් පැනල සල්ගාදු එකෙන් කාල බීල සිගා ගහල,බොරුල්ලෙ රත්නාවලී එක ගාව අතුරු පාරෙ දි බීපු දවස්,ඉන්ටර්වල් එකට ස්කෝලෙන් පැනල පොට්ලක් ගිහින් pool ගහල ඉස්කෝලෙ ඇරෙන මොහොතෙදි ස්කෝලෙ හිටිය..කෑලි බහින්න මේකප් පාර දාගෙන ඉස්කෝලෙ ඇරෙන්න ඉස්සෙල්ල ගිහින් 120 බස්හෝල්ට් එකේ කට්ට කාපු තරම්,ස්කෝලෙ ඇත්ලෙ සුදු කෙලල පන්තියෙන් එලියෙ හිටෝල තිබ්බ හැට්.. nauty **** වීඩියෝ එකක් අපේ පන්තියෙම ගහන්න ගිහින් phone  මාටුටු වෙලා රගපාපු චරිත සේරමට ගුට්ට  බබා සර් දීපු හැටි....මරු.........

අපි 12.13 වසරදිවලදි හොදටම ඉගනගත්තු විෂය තමා BS මොකද ඒක තමා උදේ පාන්දරම උගන්න්නෙ..කොච්චියෙන් බහින්නෙ 7.10 කස්ටිය සෙට් වෙනකොට 7.30 ධවලෙන් කාල බීල ඉවරවෙනකොට 8.00 එහෙම වෙලා ඉස්කෝලෙට යනකොට 8.30 එතකොට අපේ හිතවතා අපිව පිලිගන්න මග බලන් ඉන්නව...කවුද? ලක්ෂ්මන් සර් (බබා)  අපේ වෙලාවට අපේ රටේ කෝච්චි පරක්කු යන නිසා කෝච්චිය බිල්ලට දීල එයාගෙන් ෂේප් උනා උනත් හැමදාම මොනමගුලට හරි ගුටිනම් කනව...

අම්මපා මේක ලියන්න ගත්තා වගේ නෙවෙයි ඉවර කරගන්න බෑ ඒ තරම් කරපු පිස්සු වැඩටික මතක් වෙනවා...කෝම කෝම හරි අවුරුදු 13 ක් ලසුසනටම ගෙවුනා..ඇතිතරම් බැනුම් ඇහුවා,ගහගත්තා,කෙලගත්තා....

ඉතින් මෙහෙම යනකොට වලට ගියේ නුගේගොඩ රොටරියෙ.සක් ්්‍ය එකේ... A/L කෙලේ commerce  උනාට සිංහල,බයෝ,අරව මේව හැම මගුලකටම කලාස් වලට ගියා..මාරම එකක් හා වටිනාම එක තමා සන්නසගල සර් ගෙ සිංහල පන්තිය..කියල වැඩක් නෑ..දවස් කීපයයි ගියේ මාරම දැනුමක් ලැබුනා රසාස්වාදය ගැන...
ඉතින් සක්්‍යි ගිය කාලෙනම් සුපිරියි....කොල්ලො ටික සෙට් වෙලා කලාස් එක‍ට ගිහින් පිස්සු නටපු හැටි..කියල වැඩක් නෑ..බණ්ඩාර සර් ගෙන් මුලු හෝල් එකටම ඇහෙන්න බැනුනුත් අහල දෙනෝදාහක් මැද්දෙ ගිහින් ඉස්සරහට ගත්ත හැටි මතක් වෙනකොටත් ලැජ්ජයි...රිවිෂන් යන කාලෙ තමා මරු කියලා වැඩක්නෑ...විභාගයක් තියනවද කියල දැනුනෙ නැති තරම්..ඒ තරමට විනෝදයි.....120 බස් හෝල්ට් එකට වෙලා කෙල්ලන් බයිට් කරපු හැටි....අපේ උන්ගෙ කෑලි ටොක් කරන්න ගිහින් උනු චාටර්නම් අනන්තයි අපරමානයි......කෝම හරි හොද අමතක නොවෙන යාලුවො ටිකක්නම් සෙට් උනා..ආනන්දෙ.ඩී.එස්.නුගේගොඩ ජෝන් එකේ,අනුල,යශෝදරා,මියුසියස්,සෙන් ජෝසප්,දේවි,විශාකා.මහානාම,රෝයල්,පතනෙ,එකීනොකී හැම ස්කෝලෙකම යාලුවො සෙට් උනා...අවුරුදු 2ක් ගියත් ඒ යාලුකම එහෙම්මමයි...

අපේ  BIG Match කාලෙ තමා කාලෙ..ආයි සුපිරියි....පාරවල් ගානෙ කස්ටියත් එක්ක ගිහින් සල්ලි එකතු කරපු හැටි,බස්වල නැගල සින්දු කියල සල්ලි හොයපු හැටි මරු...... big match දවසෙ තමා කට්ටියගෙ රෙදි ගැලවෙන්නෙ.කරටි කැඩෙන්න ගහල ground එකට ඇවිල්ල DJ,PAPRE වලට නටල අනිත් ස්කෝලෙ උන් එක්ක වලි දාගෙන පිස්සු එකයි.....තාමත් ස්කෝලෙන් අවුට් උනත් Big Match එකනම් වරද්දන්නෙ නෑ...ඒතරම් එකක් ලොවෙත් නෑ...

ස්කෝලෙ යනකොට කරපු කියපු දේවල්නම් එටයි...සමහර දේවල් කියන්නම බෑ...ඒවා රහස්නෙ.....මේ පෝස්ට් එක දාන්න හිතුනෙ අර උඩ කියපු සින්දුව ඇහිල ස්කෝලෙ මතක් උන නිසා...මේ සැරේ  Batch Party එකේදී යාලුවො කට්ටිය සෙට් වෙනවනෙ ඉතින් දුකක් නෑ...මගෙ  ස්කෝලෙ තරම් වටින ස්කෝලයක් නෑ..ඒ වගේම මගෙ ස්කෝලෙ මිස්ල සර්ල ගොඩක් මට වටිනවා..මොකද මම මෙහෙම හරි ඉන්නෙ එයාලගෙ ඔවදන් නිසා...ඉතින් ඒ වගේම මගෙ රත්තරං යාලුවො ටික..මලිය,අන්ජු,මහේෂ්,මිලා,රවී,විරා,සමිය,උපා,චාලට් අක්ක,අනුපය,කොටා,විමුක්තිය,හරක් හොරා,උමා,මරික්කාර්,ලකා,ඉසුරුවා,පුජී,සුපුන්,බොඩී,බල්ලා,මනුරයා,රුවන්,අජී,තාරික්,සෝමෙ,ආටි,බඩ මලිත්,ගන්ග පුතා,අජා,පබීලිස්,පේරේ,නිලා,ලවා,චරිතය,පරා,රිද්ම,අධීෂ,චකා,බීඩී සජිත්,තක්සර,එරංග,තරිදු බඩා,මාතා,ලෑටි,බලු සංක,රංග,සමුදූ, එකීනොකී මගෙ ස්කෝලෙ හැම යාලුවෙක්ම
මන් ආදරෙන් මතක් කරනවා........................................

13 comments:

  1. එකෙන්ම ඈ... පට්ට පට්ට

    ReplyDelete
  2. katada yako tho ganga putha kiwwe :P

    ReplyDelete
  3. story aka keyaddi matath sch life aka mathak una.kageth sch life aka oya wage thama.story aka bokkatama leyala theyanawa.ela ela

    ReplyDelete
  4. තරිදු එල කොල්ලො මේක ලියනකොට උබේ libry perioud කතාවත් මතක් උනා.

    ReplyDelete
  5. අපිත් එක්ක හිටිය ඌ තමා ජනකයා

    ReplyDelete
  6. එකෙන්ම මල්ලී.....කැම්පස් වගේ නෙවෙයි පාසල් ජීව්තේ....බලපන් උබ අපිටම ඒක දැන් තේරෙනවනේ......

    ReplyDelete
  7. Zira.....අපි ඉස්කෝලෙ ගිය කාලෙ තිබ්බ fun එක‍ නම්.................“‘‘“‘දැන් යනව වගෙ කැම්පස් දහයකට ගිහිල්ල වත් ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ekanam atta dila kiyala wadak na bun anande big match komada fun ekaaaaaa

      Delete
    2. haffa.....එහෙම සැපක්....මොනවයෙන් නම් අඩුවක් කියලද???

      Delete
    3. නැතුව නැතුව මේපාරත් සෙට්වෙමු හොදේ

      Delete
    4. අනිවා...........set wemu...

      Delete
  8. අපි දන්නවනෙ ඔබ තුමාගෙ වැඩ කිඩ...ස්කෝලෙ යන කාලෙ පිස්සු නැටුවට දැන් පිස්සු කෙලින්න එපා...හොදේ...නුගේගොඩ අනුලා විද්‍යාලය ගැනත් ලියවිලා තියනවා...හේතුවත් දන්නවා...ඇයි (MC EKE RM)නැද්ද

    ReplyDelete
    Replies
    1. ඒ අය නෑ නෙ....දන්නවනේ.........අපි තාමත් තනියෙන්.......

      Delete