Thursday, March 22, 2012

යාලුවෝ මාලුවෝ..ද?


හම්...ගොඩ කාලෙකට පස්සෙ පොඩි නිවාඩුවක් හම්බ උනා..ඉතින් නිවාඩු පාඩුවේ ඉන්න ගමන් මගේ අඩවිය පැත්තෙ ඇවිල්ල මොනව හරි දාල යන්න හිතුනා.....

         හම්...... මාර දේවල් තමා මේ කාලෙ ඇතුලෙ උනේ අනේ මන්ද කියලත් හිතෙනව වේලාවකට. මොකද ජිවිතේ දි හම්බු වෙන්න ඕනි එක එක වගේ අමුතු චරිත ටිකක් මට ආශය කරන්න පුලුවන් උනා මේ පුංචි කාලෙ තුල...ඒ චරිත සමහර විට ඔයාල ගාවත් ඉන්න පුලුවන් ඔයාලට මුන ගැහිලත් ඇති..

 කාටවත් ම කියල විශේෂයෙන් මේක දාන්නෙ නෑ..මේ වගේ අය අපිත් එක්ක එකට ඉන්නවයි,කියලත් ඒ අයත් එක්ක එකට  ඉන්න කෝමද කියල පොඩි මග පෙන්වීමකු තමා මගෙ මේ post එකෙන් බලාපෙරොත්තු වෙන්නෙ...තොප්පිය හරිනම් දාගන්නත් කියල මේ ගමන්ම කිවනව හොදේ.....



             "යාලුවො"....ඉපදුනු දවසෙ ඉදලම මැරෙන මොහොත දක්වාම යාලුවො කියන පුද්ගලයන් ඇතිවෙනවා..... කිසිම උස් පහත් කමක් නැති, වයස් බේදයක් නැති, ලිංග බේදයක් නැති එකම බැදීම තමා යාලුවා නමින් හදුන්වන්නේ....ඕන දෙයක් කියන්න පුලුවන්, දුකේදි අපිත් එක්ක ඉන්න, ඕනි කරදරයකදි අපිත් එක්ක ඉන්න එක්කෙනා තමා යාලුවා....  එකෙකුගේ දුකේදී සැපේදී උගෙ දුක සැප බෙදාගන්න යාලුවා කියන පුද්ගලයා තමා නියම අර්ථානුකූල යාලුවා..සැප කෙසේ වෙතත් දුකේදි තමාගෙ මිතුරා ලග ඉදල උගෙ දුක බෙදාගන්නවනම් අන්න එලම යාලුවෙක්..බොරුවට පණදෙන්නම් කියල ඉදල  සෙරම අපෙන් ගන්න පුලුවන් උදව් සෙරමත් අරන් අන්තිමේදී ඔලුවට අතහෝදල ඔලුවෙත් කෑල්ලක්  අරන් යන යාලුවොත් ඉන්නව මේ සමාජෙ........

  මට දැනෙන විදියට අපිට යාලුවො කියන පුද්ගලයන් මුන ගැහෙන්නෙ ජීවිතේ කාලවල් 2 කදි ඒ පාසල් කාලෙදි හා රැකියා ජීවිතයේදී..(මට දැනෙන විදියට හොදේ).
.
මෙන්න බලන්න පාසල් කාලෙ යාලුවො කොහොමද කියල....



මෙනව උනත් ඉස්කෝලෙ යන කාලෙ දි අපට හම්බුවෙන යාලුවො ඇරෙන්න ඊට පස්සෙ ඇතිවෙන යාලුවොනම් වැඩිය විශ්වාස කරන්න එපා..ඉස්කෝලෙ කාලෙදි අපි වැඩිය අනාගතේ ගැන හිතන් නෑ...ඕන එකක් පිරිති වෙසක් කියල තමා.... අනාගතේ වැඩි බරක් නෑ..ක්ලාස් යනව....ඉගෙන ගන්නවා..පිස්ස් කෙලිනව..කරන්න ඕනි හැම මගුලක්ම කරනව full fun එකේ ඉන්නව..මොන වැඩේ කලත් එකට..(එකෙක්ට ස්කෝලෙ,පන්ති යන්න බෑ කිව්වොත් සේරමලම යන්නෙ නෑ නෙ) ..එච්චරයි...පාවාදීම් නෑ...දීය යට වැඩ නෑ ඔක්කොම එලිපිට..වාර අවසානෙ විභාගෙ වගේම තමා o/l, a/l  කලෙත්..(1 වෙනි පාර a/l කරනකොට අන්ජු ,මලිත්  මට පේපර් එක පවා දුන්න ඒත් මං ගත්තෙ නෑ උන් දෙන්නගෙ මහන්සිය අපරාදෙ වැඩේ මාට්ටු උනොත්) මොකද ඔක්කොම කැමතියි සේරමලම ගොඩයනවට ඒ නිසා තමා දන්න දේ අනිත් අයටත් කියල දෙනව නේද?කවදාවත් තනියෙන් බුදු වීමක් නෑ.මොකද එකම බත් එක 20/30 පොරකාල කාල තමන්ගෙම යාලුවට මෙහෙමයි කියල වැරුද්දක් කරන්න බැරි නිසා....මොකද අපි ඉස්කෝලෙ අවුරුදු 13 යනව...අවුරුද්දට දින 365යි.365 එව 13 ක් 4745.ඒකේ දින745 අන් කලොත් අපිට පාසලේ මිතුරන් උදේ හවස දින 4000ක් හම්බුවෙනවා..උන්ගෙ වෙසනක් උනොත් අපිට දැනෙනවා..ඕනිම මගුලක් ගැටලුවක් කියන්න පුලුවන්..(ඒකට අදාල නැති උනත් මෙලෝම රහක් නැති උත්තරයක් හරි ගන්න පුලුවන් කමක් තිබුණ.)ඒත් මේ යාලුකම ඉස්කෝලෙන් අයින් උනාට පස්සෙ ටිකෙන් ටික අපෙන් දුරස් වෙනව......

මෙන්න පොයින්ට් එක...දැන් බලමුකො ඉස්කොලෙන් පස්සෙ ඇත්වෙන යාලු බැදීමක හැටි...


පාසල් කාලෙ අවසානය කියන්නෙ රැකියාවක හෝ උසස් අධ්‍යාපනයේ ආරම්භය...මේ දෙකේම ගැබ් වෙලා තියෙන්නෙ "අනාගත මුදල්" කියන මාතෟකාව මත..(මට හිතෙන විදියට)...
අපි ඉස්කෝලෙ කාලෙ ඉවර කරල හොදට හෝ නරකට a/l ගොඩදාගෙන (නරකට කිව්වෙ දැන් privet campus තියනවනේ)උසස් අධ්‍යාපනයට යනව එතනදි තත්වෙ ගොඩක් වෙනස්...යාලුවො කියන අය එතනදි ඇතිවෙයි ඒත් ඒ සියලුම දෙනා යාලුවොද?එතනයි ගැටලුව ?.එතන අපි හිතන අය නෙවෙයි ඉන්නෙ...හොද වැඩ කිඩ දන්න පට්ට මීටරයක් අල්ලගෙන උගෙන් හෝ ඒකිගෙන් හරි ලෙක්චර් කොනකකුට හරි පන්දම අල්ලල සේරම දේවල් අරගෙන එහෙම අන්තිමට ඩිග්රිය අරන් තමන්ට ඕනි වැඩේ කරගෙන අතෑරල දානව... ඔන්න ඕකයි තත්වෙ...හැම තැනම කැපිල්ල...දිය රෙද්දෙන් බෙල්ල කැපිල්ල...පවා දීම වැඩියි අපි බොක්කෙන් යාලුවො කියල මුලදි කිව්වට එහෙම නෑ...ඉස්කෝලෙදි වගේ එකකදි කොපි කරන්න බෑ...මොකද කවුරුත් කැමති නෑ අනික තමන්ට වඩා හොද ලකුණු අරන් පාස් වෙනවට..හොදම යාලුවෙක් කියන්නෙ මට බඩේ අමාරුවක් හැදුනොත් මගෙ බඩේ අමාරුවට ඌ කෝපි බොන එකෙක්ට අන්න එලම බොක්කවල්....බොරුවට යාලුකම් පෙන්නල උන්ගෙ වැඩ අපෙන් ලවා කරගන්න ඉන්න එවුන් ඉන්නව.එහෙම එවුන්ටනම් උදව් කරන්න එපා උන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්නත් එපා..
මොකක් හරි ජොබ් එකක් කරනවයි කියමු එතනදි එක එක ජාතියෙ යාලුකම් ඇතිවෙනවා..එතනදි බත් එක එකට බෙදාහදාගෙන කෑවට,විහිලු තහලු කලාට එතන තියෙන්නෙම තනිකරම බොරුව..තමන් එක්ක එකට බත් එක කන මිනිහ ගැන බොසාට කේලම් කියල,නැත්නම් බොසාට හරි වෙන ලොකු අත්තකට හරි සෙට් වෙලා තමන්ගෙ පඩිය,තරම වැඩිකරගන්න තියනවනම් අනිත් එකාට හෙන ගහල ගියත් කමක් නෑ කියලනෙ හිතන්නෙ


                   මේවගේ නොවන හොදම යාලුවොත් සෙට් වෙනවා අන්න රත්තරං යාලුවො...

         මිතුරන් අපේ ජීවිතයට අවශ්‍යයි ඒත් රැවිටිලි කාරයන් බොරුකාරයන් අපේ ජීවිතයට අනවශයයි
                ළං කරගන්න මිතුරන්ව පමණක් ඈත් කරගන්න මිතුරු වෙසින් ඉන්නා රැවටිලි කාරයන්ව

සුභ

             

3 comments:

  1. පට්ටම කතාව ඈ....
    උසස් අධ්‍යාපනේ ගැනනං කතා කරන්න එපා බම්බුව...
    :)

    ReplyDelete
  2. එල මචං එල රොමබ තෑන්කස්...කරගෙන යමු බං ඒකත් ඔහේ

    ReplyDelete
  3. සිරා කතාව සහෝ.ඔන්න මමත් උසස් අධ්‍යාපනේ ගැන දන්නෙ නෑ...

    ReplyDelete